ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ, ඔබේසේකරපුර අරුණෝදය මාවත මේ වනවිට වසා දමා තිබෙනවා. පූජකවරයකු සමග වන්දනාගමනකට සහභාගි වු ළමුන් දෙදෙනෙකුට සහ වැඩිහිටියන් හතරදෙනෙකුට කොරෝනා යයි සැක රෝග ලක්ෂණ පහල වීම නිසා මෙම තීරණය ගත් බවයි ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගරසභා ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි මනෝජ් රොද්‍රිගෝ මහතා ප්‍රකාශ කළේ.පූජකවරයකුගේ සංවිධායකත්වයෙන් ඉකුත් 15 වැනිදා සුරියවැව ප්‍රදේශයේ පැවති දේව මෙහෙයකට සහභාගි වීම සඳහා බස් රථ දෙකකින් පිරිස රැගෙන ගොස් ඇති අතර එම ගමන සඳහා මෙම රෝග ලක්ෂණ ඇති පිරිස සහභාගී වී ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර මෙම ගමන සංවිධානය කළ පූජකවරයා මේ වනවිට පල්ලියද වසා දමා ඇති අතර ඔහු ආගිය අතක් නොමැති බවත්, ඔහුගේ ජංගම දුරකථනයද ක්‍රියා විරහිත බවත් ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා ප්‍රකාශ කළා.
No comments:
Post a Comment